Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 37ක්, සමස්තය 3049 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් කොරෝනා ආසාදිතයින් ගණන 3049ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ, ඊයේ (31) දිනයේ දී තවත් නව කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වීමත් සමඟය.

එම වාර්තා වූ ආසාදිතයින් 37 ‍දෙනාගෙන් 32 දෙනෙකුම කටාර්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. අනෙක් පස්දෙනාගෙන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වේ. තවත් තිදෙනෙකු ඉන්දීය ජාතික නාවිකයින් වේ.

එමෙන්ම, ඊයේ (31) දිනයේ දී තවත් ආසාදිතයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2868 දෙනෙකු ම සුවය ලබා ඇත.

Giraya News Alerts

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 169ක් වේ. තවත් පුද්ගලයින් 50ක් සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 12කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top