Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

ඉන්දීය හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජී අභාවප්‍රාප්ත වේ

ඉන්දීය හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. අගෝස්තු 10 වන දින ඔහුට මොළයේ ශල්‍යකර්මයක් ද සිදු කර කෝමා තත්ත්වයේ ද පසුවිය. පසුව ඔහු රෝහල්ගතව සිටියදී කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ද තහවුරු විය.

ප්‍රනාබ් මුඛර්ජි මිය යන විට 84 වන වියේ පසු විය. ඔහු විසින් 2012 සිට 2017 දක්වා කාලය තුළ ඉන්දීය ජනාධිපති ධූරය හොබවනු ලැබීය.

හිටපු ජනාධිපතිවරයාගේ මරණය පිළිබඳව, ඔහුගේ පුත් අභිජිත් මුඛර්ජී විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබූ අතර එය පහතින් දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top