ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (30) දිනයේ දී තමන් දුරකථනයෙන් කතා කළ බව ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර් ට්විටර් නිවේදනයක් තබමින් නිවේදනය කර සිටිනවා.
COVID-19 වසංගතය සාර්ථකව හසුරුවා ගැනීම සහ මෑතකදී පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාට සුබ පතුම් එක් කොට තිබෙන අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ අඛණ්ඩ ප්‍රගතියක් සම්බන්ධව ඉල්ලා තිබෙනවා.
සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවත් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීකරණය, මිලිටරි වෘත්තීයකරණය, ත්රස්තවාදයට එරෙහි ක්‍රියා කිරීම සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කොට තිබෙන බව ද එහි සඳහන්.
නායකයන් දෙදෙනාම ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා පුළුල් කිරීමට සහ දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය වර්ධනය කිරීමට කටයුතු කිරිමට සාකච්ජා කළ බවයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටියි.
