ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (31) දින පස්වරු 3.00 වන විට 3015ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
තවත් ආසාදිතයින් 17 දෙනෙකු ඊයේ (30) දිනය තුළ දී හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, තිදෙනෙකු මාලදිවයිනේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිට පුද්ගලයින් වේ. අනෙක් දෙදෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දියානු ජාතික නාවිකයින් දෙදෙනෙකු වේ.
එමෙන්ම, අද (31) දිනයේ දී තවත් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු නිරෝධායනය වෙමින් සිටි ඉන්දියානු ජාතික නාවිකයින් වේ. අනෙක් පුද්ගලයා කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි.
ඒ අනුව, අද (31) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3012 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 40
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1079
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 630
- වෙනත් – 313
එමෙන්ම, අද (31) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 08 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2868 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 135ක් වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3015ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 95.1%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (31) දිනයේ දී එය 4.4%ක් දක්වා අඩු වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.40%ක් ලෙස ද වාර්තා වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 226,111ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (30) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2129ක් වේ.
මේ මාසයේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන සහ සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (31) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 132 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 34ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 66ක් ද,
- ඉරණවිල රෝහලේ 28ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 01ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 02ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් එක් රෝගියෙකු රෝහල වෙත යොමු කරමින් පවතියි.
එමෙන්ම, පුද්ගලයින් 50ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 12කි. අවසාන වරට කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වූයේ දින 83කට පසුව අගෝස්තු 23 වන දිනයේ දී ය.
