Advertise with Giraya
ENTERTAINMENT

ප්‍රවීන ගායක මොරිස් විජේසිංහ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන ගායන ශිල්පී මොරිස් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1941 වසරේ ඔක්තෝම්බර් 16 වැනි දින ගල්කිස්සේ දී උපත ලැබූ ඔහු මිය යන විය 79 වන වියේ පසුවිය.

න්දුට මල් මිටක් චිත්‍රපටයේ “මිලාන මා දෙනෙතේ”, සප්ත කන්‍යා චිත්‍රපටයේ “දූවිල්ලෙන් වත්සුණු තවරා” ගීතය මෙන්ම “ඔබ එන්න – ඔබ ඇවිත් යන්න එන්න”, “නිල් අහස් තලේ අගේ” යන ගීත ඔහු ගායනා කළ ගීත අතරින් වඩා ජනාදරයට පත්විය.

මොරිස් විජේසිංහ මහතාගේ දේහය මේ වනවිට ගල්කිස්ස පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරු 4.00 ට ගල්කිස්ස පොදු සුසාන භුමියේදි සිදු කිරීමට නියමිත ය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top