Advertise with Giraya
POLITICS

වජිර අබේවර්ධනගේ අපේක්ෂාව එජාපයේ අනාගතය පිළිබඳ වගකීම භාර ගැනීමයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ඊයේ (30) අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමීන්වහසේලා බැහැ දැක පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කළා.

එක්සත් ජාතික පක්ෂයේ වසර 38ක් නොකඩවා කටයුතු කළ වජිර අබේවර්ධන මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන වගකීම් භාර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

තමා සතු අත්දැකීම් සහ පළපුරුද්ද එක්සත් ජාතික පක්ෂයේ යහපත සඳහා යෙදවීමට තමා අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සඳහා නායකතුමාගේ ආශිර්වාදය සහ සියලු සාමාජිකයින්ගේ ආශීර්වාදය තමා බලාපොරොත්තුවන බවත් සඳහන් කළා.

කරූ ජයසූරිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වජිර අබේවර්ධන කියා සිටියේ, “එතුමා ඉද්දි තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණේ..එතුමා ඉද්දි තමයි සරත් ෆොන්සේකා මහතාව ජනාධිපතිවරණට ඉදිරිපත් කළේ. එතුමා ඉද්දි තමයි පහුගිය ජනාධිපතිවරණ අවස්ථාව වෙන කොට රටේ ඇති වූ ප්‍රශ්නය විසඳා ගැනීමට එතුමට ජනාධිපති අපේක්ෂකත්වය අරගෙන ක්‍රියා කරන්න තිබ්බෙ. මේ ක්‍රියාකාරීත්වයන් කිසිවක් නොවුණු අවස්ථාවක දැන් කොහොමද එතුමා ගොඩ ගන්නේ..ඒ නිසා ඒක එච්චර වැදගත් කාරණයක් නෙමෙයි.”

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය තමන්ට ලබා දෙන්නැයි එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් සිදු කළ බවත් ඔහු පැවසුවා. මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය යෝජනාවක් සම්මත කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය වජිර අබේවර්ධනට ලබා දිය යුතු බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top