හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද (31) දින පැමිණ තිබෙනවා.
ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට ඉකුත් 21 වනදා පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසට ජනාධිපති කොමිසම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබූ නමුත් එදින තමාට පැමිණීමට නොහැකි බැවින් තමන් අද (31) දිනයේ පැමිණීමට බලාපොරොත්තු වන බව හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමට දැනුම් දී තිබුණි.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදුවන කාලවකවානුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික ආරක්ෂක මණ්ඩලයටද සහභාගිවී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම මෙහි අරමුණ වී ඇති බව ද ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
පසුගිය 27 වනදා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මහගමසේකර මාවතේ පිහිටි නිවසට ගොස් පැය 9 කට අධික කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.
