Advertise with Giraya
Giraya NewsGiraya News
ENTERTAINMENT

ලතා මංගේෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තබයි

ලෝක ප්‍රකට ගායිකා ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තැබීමට ඉන්දියාවේ මුම්බායි නුවර නිලධාරීන් පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ දරුණු ලෙස පැතිර යන නව කොරෝනා වෛරසයෙන් 90 හැවිරිදි වියේ පසුවන ලතා මංගෙෂ්කාර් ඇතුළු එම නිවාස සංකීර්ණයේ ජීවත් වන වැඩිහිටියන් ආරක්ෂා කරගැනීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස එම පියවර ගත් බව එම නිලධාරීහු සඳහන් කළහ.

පවුලේ සාමාජිකයන් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් මේ පියවර ගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ සිටින පිරිසගේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා බවත් ලතා මංගෙෂ්කාර්ගේ පවුල සාමාජිකයෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ.

Giraya News Alerts

ගොඩනැගිල්ලේ ලතා මංගේෂ්කාර්ගේ පවුලට අමතරව තවත් පවුල් කිහිපයක්ම ජීවත් වන අතර එම පවුල්වල වැඩිහිටියන්ගේ ආරක්ෂාව සලකා බලමින් නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීමේ පූර්ව ආරක්ෂිත පියරවක් ලෙස මෙලෙස ගොඩනැගිල්ලට සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දියාවේ සුප්‍රකට නළු අමිතාබ් බච්චන්, ඔහුගේ පුත් අභිෂේක්, ලේලිය අයිෂ්වරයා රායි, මිනිබිරිය ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ අමිතාබ් බච්චන්ට අයත් දේපළවලට ද සීල් තැබිණි.

ප්‍රකට නිළි රේඛාගේ ආරක්ෂක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් හඳුනාගැනීමත් සමඟ ඇයගේ බංගලාවට ද සීල් තැබීය.

මේ අතර සුප්‍රකට නළු අමීර් ඛාන්, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් සහ බොනී කපූර් යන අයගේ කාර්යමණ්ඩලවල සාමාජිකයන්ට ද නව කොරෝනා ව‍ෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top