Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 17ක්, සමස්තය 3000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 3012ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (30) දිනයේ දී නව ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

එම වාර්තා වූ ආසාදිතයින් 17 දෙනාගෙන් 12ක්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, තිදෙනෙකු මාලදිවයිනේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිට පුද්ගලයින් වේ. අනෙක් දෙදෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දියානු ජාතික නාවිකයින් දෙදෙනෙකු වේ.

එමෙන්ම, ඊයේ (30) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 2860 දෙනෙකු සුවය ලබා ඇත.

Giraya News Alerts

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 140ක් වේ. තවත් පුද්ගලයින් 52 ක් සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ කොරෝනා ආසාදිතයින් ගණන 12කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top