ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (30) පස්වරු 7.30 වන විට 3000ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, තවත් ආසාදිතයින් දෛදෙනකු හඳුනාගැනීමත් සමඟය.
ඒ අනුව, අද (30) දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන මේ වන විට පහක් ලෙස සටහන් වේ. එම වාර්තා වූ ආසාදිතයින්ගෙන් තිදෙනෙකු මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් පුද්ගලයින් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
එමෙන්ම, අද (30) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 2860 දෙනෙකු සුවය ලබා ඇත.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 128ක් වේ. තවත් පුද්ගලයින් 52 ක් සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ කොරෝනා ආසාදිතයින් ගණන 12කි.
