Advertise with Giraya
NEWS

කල්පිටියෙන් තවත් කහ කිලෝ 1400ක් සොයා ගනියි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට කහ රැගෙන ඒමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් හය දෙනෙකු කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවට සැක කෙරෙන කහ කිලෝග්‍රෑම් 1400ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30) පුත්තලම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

සම්බන්ධීත පුවත්

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top