Advertise with Giraya
NEWS

තවත් 11කට සුවයි, සුවය ලැබූ ගණන 2860 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (30) දින පස්වරු 1.00වන විට 2998ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

තවත් ආසාදිතයින් 6 දෙනෙකු ඊයේ (29) දිනය තුළ දී හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් එක්සත් රාජධානියේ සිට ද, එක් අයෙක් ලෙබනනයේ සිට ද, සිව් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

ඒ අනුව, අද (30) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 2995 දෙනා අතරින්,

Giraya News Alerts
  • වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 38
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1064
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 630
  • වෙනත් – 313

එමෙන්ම, අද (30) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2860 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 123ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2998ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 95.4%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (30) දිනයේ දී එය 4.2%ක් දක්වා අඩු වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.40%ක් ලෙස ද වාර්තා වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 223,982ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (29) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2072ක් වේ.

මේ මාසයේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන සහ සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (30) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 123 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 28ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 63ක් ද,
  • ඉරණවිල රෝහලේ 30ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 01
  • මුල්ලේරියාව රෝහලේ 01ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 52ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 12කි. අවසාන වරට කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වූයේ දින 83කට පසුව අගෝස්තු 23 වන දිනයේ දී ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top