Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රියදුරන් නැති නිසා ලංගම බස් 800ක් දිනකට ධාවනය නොවේ

රියදුරු හිඟය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 800ක් පමණ දිනකට ධාවනය නොවන බව ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසීය.රියදුරන් 300 ක් පමණ මේ වනවිට පුහුණු කර ඇති බවත් ඔවුන් ඉතා ඉක්මණින් සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීය.

මෙයට අමතරව පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතල හිඟයක් පවතින බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. කොරෝනා හේතුවෙන් ගම්බිම් බලා ගිය බස් රථ සේවකයන් යළි සේවයට වාර්තා නොකිරීම සහ බස් රථවල ආදායම අඩුවීම හේතුවෙන් බස් රථ සේවකයන් සේවයට වාර්තා නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිසන් සභාවේ හෝ ප‍්‍රවාහන අධිකාරියේ පුහුණුවකින් පසු බස්රථ සේවකයන් බඳවා ගන්නා බැවින් හදිස්සියේ බස් රථ සේවකයන් සේවයට බදවා ගැනීම ගැටලූවක් වී ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top