Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ HIV ආසාදිත තරුණයින්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක්

ශ්‍රී ලංකාවේ එච්.අයි.වී ආසාදිත පිරිමි රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය රසන්ජලී හෙට්ටිආරච්චි පැවසුවේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19-25 අතර වයස්වල පසුවන එච්.අයි.වී ආසාදිත පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

රට පුරා සිටින එච්.අයි.වී රෝගීන් සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව සංඛ්‍යාලේඛන එක්රැස් කර ඇති බව ඇය පැවසුවාය. විද්‍යාත්මක ප්‍රක්ෂේපණ අනුව 2020 වසර වන විට මෙරට තුල HIV ආසාදිතයින් 3600 පමණ සිටියි.

Giraya News Alerts

කෙසේ වෙතත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ සායන වල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබන්නේ ඉන් පුද්ගලයින් 2000 පමණි. ඉතිරි පුද්ගලයින් 1600 ක ප්‍රමාණයක් තමන් ආසාදිතයෙකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළාය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top