Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 6යි, සමස්තය 3000ට ආසන්නයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 3000කට ආසන්න වෙමින් පවතිනවා. ගත වූ පැය 24 තුළ දී තවත් නව ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 2995ක් ලෙස සටහන් වෙයි.

එමෙන්ම, තවත් ආසාදිතයින් 07 දෙනෙකු ඊයේ (29) පෙරවරු 10.00 වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 2849 දෙනෙකු සුවය ලබා ඇත.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 134 ක් වේ. එමෙන්ම, තවත් පුද්ගලයින් 71 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 12කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top