Advertise with Giraya
FOREIGN

චීනයේ අවන්හලක් කඩා වැටී 17ක් ජීවිතක්ෂයට

(යාවත්කාලීන කිරීම පෙරවරු 9.56ට)

චීනයේ සිදු වූ අවන්හලක් කඩා වැටීමේ සිදු වීමෙන් මිය ගිය ගණන මේ වන විට අවම වශයෙන් 29 දක්වා ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර, සුන්බුන් අතර සිටි පුද්ගලයින් 57 දෙනෙකු සොයා ගෙන තිබෙනවා.

___________________________________________________________________________

චීනයේ බීජිං නුවරට කිලෝ මීටර් 630ක් පමණ දුරින් පිහිටි shanxi පළාතේ xiangfen නම් දිස්ත්‍රික්කයේ පිහිටි දෙමහල් අවන්හලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍යයන් වාර්තා කරයි.

චීනයේ මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි තවත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් අතරින් 21 දෙනෙකුගේ තත්ත්වය බරපතල වේ.

මේ වන විටත්, සුන්බුන් අතර සිර වී සිටින අනෙක් පුද්ගලයින් සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ නිලධාරීන් 100ක් යොදවා ඇති අතර ඔවුන් විසින් කොන්ක්‍රීට් තට්ටු ඉවත් කරමින් සෝදිසි කරමින් සිටින බව විදෙස් මාධ්‍යයන් වාර්තා කරයි.

මීට පෙර, චීනයේ පසුගිය මාර්තු මාසයේ දි ද පුද්ගලයින් නිරෝධායනය සඳහා යොදා ගත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගියා. එමෙන්ම, 2019 වසරේ චීනයේ ෂැන්හායි නුවර ව්‍යාපාරික ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් ද පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top