මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ විය.
කම්පන තත්ත්වය ඇති වූයේ ඊයේ (29) රාතී‍්‍ර 08.30 ට පමණ බව එම ප‍්‍රදේශවාසීන් සඳහන් කරයි. කෙසේවෙතත්, මෙම සිදුවීම භුචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු සඳහන් කරයි.
මහනුවර, පල්ලෙකැලේ ප‍්‍රදේශයේ පිහිටි භූචලන මාපකයේ පමණක් යම් සංඥාවක් සටහන්ව ඇති බවත්, එහෙත් එම චලනය ස්වභාවික සංසිද්ධියක් නොවන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි.
එහිදී ඔහු පෙන්වා දුන්නේ “රාත්‍රී 08.32ට පමණ මහනුවර හාරගම ප්‍රදේශයෙන් – අපේ භූ කම්පන මධ්‍යස්ථානය තියෙන්නෙ පල්ලෙකැලේ – ඒකෙ සටහනක් විතරක් වෙලා තියෙනවා. මේක ඇත්තටම භූ කම්පනයක් නොවෙයි. භූ කම්පනයක් ආවා නම් අපේ මධ්‍යස්ථාන 5ක් තියෙනවා මිහින්තලේ, පල්ලෙකැලේ, හක්මන, පුත්තලම සහ කොළඹ. මේක සටහන් වෙලා තියෙන්නෙ පල්ලෙකැලේ විතරයි.
මේක භූ කම්පනයක් නෙවෙයි, භූ කම්පනයක් සිදුවෙනවා නම් මාපක අගය 2.0කට වඩා වැඩි වෙනවා නම් විතරයි භූ කම්පනයක් හැටියට සලකන්නේ. අනිත් එක එහෙම දෙයක් රට තුළ සිදුවුණා නම් අපේ මධ්‍යස්ථාන පහේම මේක සටහන් වෙනවා. එහෙම සටහන් වෙලා නෑ කියන්නෙ මේක ඇත්තටම භූ කම්පනයක් නෙවෙයි.
මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් අපි සැලසුම් කරලා තියෙනවා. කිසිසේත්ම මේ සම්බන්ධයෙන් බිය වියයුතු නෑ. එහෙම දෙයක් තියෙනවා නම් අපට කලින් දැනුවත් කරන්න හැකියාවක් තියෙනවා.
මොකද මෑත කාලයේ සමහරක් තැන්වල පොළව රත්වීමත් එක්ක ගෙවල්වල ටයිප් පිපිරීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ ඇරෙන්න ස්වභාවික භූ කම්පනයක් නෙවෙයි. කිසිදු බියක් ඇති කරගත යුතු නෑ කියන එක මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා” යනුවෙන් පතල් හා භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ සභාපති අනුර වල්පොල වැඩිදුරටත් සඳහන් කළේය.
