එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගැනිමට තමා සූදානම් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන පවසයි. ඔහු මේ බව පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර, නැගෙනහිර ආසනයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (29) එක්වෙමිනි.
ඔහු එහිදී අදහස් පළ කරමින්, ‘අපේ පක්ෂයෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලා වෙනම පක්ෂයකින් මහමැතිවරණයට ඉදිරිපත් වුනා. ඒක අපිට අභියෝගයක් වුනා මේ අවස්ථාවේ. අපේ පාක්ෂිකයන් ගොඩාක් කළකිරුනා. ඒ නිසා තමයි ඇත්තෙන්ම අපිට මෙවැනි පරාජයකට අපිට මුහුණ දෙන්න වුනේ. මේක එක්සත් ජාතික පක්ෂයේ පරාජයක් නෙමෙයි. මං මේක දකින්නේ අවස්ථාවක් හැටියට.
දැන් අවස්ථාවක් තියෙනවා අපිට කොතැනද වැරදුනේ කියලා හොයා ගන්න. අවස්ථාවක් දැන් තියෙනවා මේ පක්ෂෙ තුළ ප්රතිසංවිධාන කටයුතු සියල්ලක්ම කරන්න. අපිටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක යන්න තිබ්බා.ලේසියෙන් දිනා ගන්නටත් තිබ්බා. නමුත් අපි ප්‍රතිපත්ති දේශපාලකයෝ. අපිට මේ පක්ෂය දාලා යන්න බෑ. පාර්ලිමේන්තුවට නොගිය එක මම කණගාටු වෙන්නේ නෑ. මම හරි තීරණයක් ගත්තේ.
අපේ ආශු මාරසිංහ මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට තමුන්නාන්සේලාට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන බව මේ අවස්ථාවේදි ප්‍රකාශ කරන්නට ඕනේ ‘ යැයි පැවසුවා.
