Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ආනවිලුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියට අයත් ඉඩමක් ඉස්සන් ටැංකි ඉදිකිරීමේ අරමුණින් ඩෝසර් කිරිමට සම්බන්ධ වූ ව්‍යාපාරිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු උඩප්පුව පොලිස් වසමේ පදිංචි ඉස්සන් ව්‍යාපාරිකයෙක් බව ඊයේ දිනයේදී පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන වලදි හෙළි වී තිබෙනවා.

පසුගිය අගෝස්තු 25 වන දින රාත්‍රියේ දී ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණි. එම භූමිය විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව අනාවරණය විය.

Giraya News Alerts

අභය භූමිය එළිපෙහෙළි කිරීම සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ද ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (28) ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගැණුනි. එහිදී අදාළ බැකෝ යන්ත්‍රය ද පොලීසිය විසින් සිය බාරයට ගෙන ගැණුනි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top