Advertise with Giraya
NEWS

කැළණිය විශ්වවිද්‍යාලයට පළමු වරට උපකුලපතිනියක් පත්වෙයි

කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා පත්කරනු ලැබ ඇත.

එම විශ්ව විද්‍යාලයට උපකුලපතිනියක් පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මහාචාර්යවරිය විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේදී ඊයේ (28) සිය ධූරයේ වැඩ භාර ගත්තාය.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් ලෙස 1991 වසරේ දී සේවයට එක්වූ ඇය අනතුරුව 1993 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බැඳී ඇති අතර 2012 වසරේ සිට 2018 වසර දක්වා එම වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරිය ලෙස ද කටයුතු කර කළාය.

Giraya News Alerts

ඉන් අනතුරුව ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තත්ත්ව සහතිකකරණ සභාවේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරමින් සිටියදී කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට පත්කරනු ලැබ ඇත.

මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය 1986 වසරේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති අතර එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top