සිංහරාජ වනාන්තරය හා එහි ප්‍රේරණ කලාපය දෙකඩ කරමින් නෙළුව -ලංකාගම මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (29) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ප්‍රශ්නගත මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ලංකාගම ගම්මානයේ ජනතාවගේ ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි.
මේ අතර, ආනවිලූන්දාව රම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතයි.
සම්බන්ධිත පුවත්
