Advertise with Giraya
NEWS

වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අංක 01/2020 දරන අද (28) දිනයට අදාළව එම චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි සඳහන් විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයෙකු / ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කළ වෙළඳපල මිලකට මෙරට තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථයක් මිල දී ගැනීමට හැකියාව පවතී.

Giraya News Alerts

ඒ අනුව, සහනදායී මෝටර් රථ බලපත්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කල වෙළඳපල මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලය ලත් වාහන අලෙවි නියෝජිතයන් හෝ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේ දී මෝටර් රථ ආනයනය කිරීමේ දී අදාළ බලපත්‍රයේ සඳහන් බදු සහනය ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top