පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම රුපියල් 296ක් ලෙස දැනට කළ ගණනය කිරීම් වලදී අනාවරණ වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (28) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම පිළිබඳ පළ වූ වාර්තා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් ය. කෙසේ වෙතත්, මීට අදාළ නිවැරදි ගණනය කිරීම ඉදිරියේදී දැනුම් දෙන බව ද කථානායකවරයා සඳහන් කළා.
පසුගියදා නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවේදී දේශනයක් පැවැත්විම සඳහා පැමිණි පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ ඒ.එස්. උපනන්ද සඳහන් කර ඇත්තේ රුපියල් තුන්දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයකට මන්ත‍්‍රීවරයකුට ලබාදෙන බව යි. එම ප්‍රකාශයට නවක මන්ත්‍රිවරු පිරිසක් දැඩි විරෝධයක් පළ කළ අතර අදාළ මන්ත්‍රීවරුන් එහදී පෙන්වා දුන්නේ අදාළ කෑම වේලේ පිරිවැය ගණනය කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ දෝෂ ඇති බවයි. කෙසේ වෙතත් පසු තම ප්‍රකාශය සම්බන්ධයෙන් මූල්‍ය අධ්‍යක්‍ෂවරයා කණගාටුව ප්‍රකාශ කළා.
මීට අමතරව, ඉදිරි මාස 04 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් දෙවැනි දිනටත් අද (28) පාර්ලිමේන්තුවේදී විවාදය ආරම්භයේදී මන්ත්‍රීවරයෙකු ගේ ආහාර වේලක් සඳහා රුපියල් 3000ක් වැය වන බවට පලවූ වාර්තාවන් සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුම අදහස් ප්‍රකාශ කර සිටියා.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපෙළ ආසන පනවා ඇති ආකාරය සහ මන්ත්‍රිවරයෙකුගේ නමක් සටහන්ව ඇති ආකාරය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මන්ත්‍රිවරුන් කථානායකවරයා වෙත සිය අදහස් ප්‍රකාශ කර සිටියා.
සම්බන්ධිත පුවත්
