Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මගීන් ප්‍රවාහනය අතරතුරදී ඉන්ධන පිරවීමට යන බස් රථ සේවකයන්ට දඬුවම්

මගීන් ප්‍රවාහනය අතරතුර දී ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් කරා යන පෞද්ගලික බස් රථ සේවකයන්ට දඬුවම් ලබාදීමටත්, ගමන් බලපත්‍රය අත්හිටුවීමටත් පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

ඉන්ධන පුරවා ගැනීමට මගීන්ද නංවාගෙන යෑම ඉතා අනතුරුදායක සහ අනාරක්ෂිත තත්වයක් බව එහි සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව සඳහන් කරයි. දෛනිකව බස් රථවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් කල්වේලා ඇතිව ලබාගැනීම එම සේවකයන්ගේ වගකීම බැවින්, බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා මගීන් ද සමඟ ඉන්ධනහල් වෙත යාම බරපතල වරදක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එලෙසින් කටුයුතු කරන බස් රථ සේවකයන් පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැඩි අවධානය යොමුකරන බවද , එවැනි කටයුතුවල යෙදෙන බස් රථ සේවකයන්ට නිසි දඬුවම් ලබාදෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top