Advertise with Giraya
NEWS

නිවසේ නිරෝධායනය වෙමින් සිටි ගැබිණි කතකට කොරෝනා

ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කොට නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ගැබිණි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව‍ට හෙළිවී ඇත්තේ හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට බව හලාවත රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල ප්‍රදීප් මල්ලවාරච්චි සඳහන් කරයි. හලාවත රෝහලේදී මෙම කාන්තාවට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙම කාන්තාව ඩුබායි හි සිට මෙරටට පැමිණ වව්නියාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලිය සම්පුර්ණ කොට නිවසට පැමිණ එහිදී නිවෙසෙහි ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිව තිබෙනවා.

Giraya News Alerts

මේ වන විට එම කාන්තාව IDH රෝහලට මාරු කොට යැවු බව හලාවත රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top