ගැසට් නිවේදනයක් මඟින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ හට එම ධුරය දැරීම තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ කටයුතු කර තිබෙනවා.
සංශෝධිත මහනගර සභා ආඥා පනතෙහි 277/1 වගන්තියේ සදහන් වැරදි මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිදුකර ඇත්ද යන්න මාස 3ක කාලයක් ඇතුළත පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව ද වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන්, වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර, අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා හිටපු විනිසුරුවරියක් වන සරෝජනී කුසලා වීරවර්ධන පත් කර තිබෙනවා.
මීට අමතරව, මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා එහි නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ්ට එම ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබෙනවා.
