මෙරට වෙළඳපොළේ රන් මිල පහත බැස ඇතිබව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව මේ වනවිට කැරට් 22 රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් 91000ක්. එසේම කැරට් 24 රන් පවුමක මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 99000ක් ලෙසයි.
කොරෝනා වසංගත තත්වයත් සමග මෙරට රන් වෙළඳපොළේ මිල සීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර අගෝස්තු මස 08 වනදා වනවිට මෙරට රන්මිල ඉහළම අගයක පැවතිය අතර එය කැරට් 22 පවුමක මිල රුපියල් 100500ක් ලෙස සටහන් වූවා. අගෝස්තු මස 08 වනදා වනවිට කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 109500ක් ලෙසයි.
