Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 13ක්, සමස්තය 2984 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 2984ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ගත වූ පැය 24 තුළ මෙතෙක් නව ආසාදිතයින්‍ 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

එම නව ආසාදිතයින් 13 දෙනාගෙන් දස දෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින රැඳවියන් වේ. එක් පුද්ගලයෙකු කෙන්නියාවේ සිට ද, තවත් දෙදෙනෙකු මාලදිවයිනේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

එමෙන්ම, ඊයේ (26) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව,මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 2819 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Giraya News Alerts

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 153ක් ලෙස සටහන් වේ. තවත් පුද්ගලයින් 83 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 12කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top