ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (26) පස්වරු 5.00 වන විට 2982ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇත.
එම නව ආසාදිතයින් 11 දෙනාගෙන් දස දෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින රැඳවියන් වේ. අනෙක් පුද්ගලයා කෙන්නියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
එමෙන්ම, අද (26) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව,මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 2819 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 151ක් ලෙස සටහන් වේ. තවත් පුද්ගලයින් 83 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 12කි.
