Advertise with Giraya
NEWS

ව්‍යවස්ථාදායක සභාවේ ජනපතිගේ නියෝජිත ලෙස මහින්දානන්ද නම් කරයි

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කර ඇති බව ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය හිමි වන්නේ, කතානායකවරයාටය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය මෙසේය.

  • කතානායක (සභාපති)
  • අග්‍රාමාත්‍යවරයා
  • පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායක
  • ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් මන්ත්‍රීවරයෙක්
  • අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු වූ ද තැනැත්තන් පස් දෙනෙක්
  • අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්

ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු වූ ද තැනැත්තන් පස් දෙනෙක් නම් කිරීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ගෙන් ද විමසිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top