Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඉන්දියාවේ සිට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයින්ගෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක්

ඉන්දියාවේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කොවිඩ් වසංගතය පැතිරි යෑමේ වැඩි අවධානමක් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

පී.සී.ආර්. පරීක්ෂණ සමාජය තුළ සිදුකරනු ලැබුවත් කිසිදු රෝගියෙකු මේ දක්වා සමාජයෙන් වාර්තා වී නොමැති බව ද මෙහිදී වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ (25) දිනයේදී පි.සී.ආර්. පරීක්ෂණ 1,580ක් සිදුකර තිබෙන අතර මෙරට මේ දක්වා සිදුකළ සමස්ථ පී.සී.ආර්. පරීක්ෂණ ගණන 211,090ක් වේ.

Giraya News Alerts

මේ අතර අද (26) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලවින් 228 දෙනෙක් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අද වන විට පුද්ගලයින් 32, 816ක් නිරෝධායනය අවසන් කර ඇති අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65ක පුද්ගලයින් 7‍,058ක් නිරෝධායනය වෙමින් සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top