Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 12ක්, සමස්තය 2971 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරසයය ආසාදිතවූවන් ගණන 2971 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ, ඊයේ (25) දිනයේ දී ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ ය.

එම ආසාදිතයින් 12 දෙනාම ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. එමෙන්ම, ඊයේ (25) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් පස් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2816 දෙනෙකු ම සුවය ලබා ඇත.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 143කි. තවත් පුද්ගලයින් 62ක් සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 12කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top