පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා ඔහුගේ, කොළඹ, පැජට් පාරේ පිහිටි නිවසට ගොස් තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාට ප්රකාශයක් ලබාදීම සඳහා අද (26) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි පසුගිය 21 වැනිදා දැනුම් දී තිබූ නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ ප්රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණි
