අපේ ජනබල පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය අහෝසි කරන ලෙසට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊට අදාළ ලිපිය එහි මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තන්ගනේ සාසනරතන හිමියන් විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත යොමු කර ඇත.
මේ අතර, අපේ ජන බල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් තමන් භාරයේ සිටින බව පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පිළිගෙන ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ලේකම් පුජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
කෙසේ වෙතත්, වේදිනිගම විමලතිස්ස හිමියන් සඟවාගෙන සිටින බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව කෝට්ටේ ශ්‍රි ජයවර්ධනපුර සමාජ සේවා සංගමයේ සභාපති පුජ්‍ය හුනුපොළගම වජිරසිරි හිමියන් ප්‍රකාශ කළා. ඒ අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
