Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොච්චිකඩේ පල්ලිය අසල සිඟමනේ ගිය කෝටිපතියා ගැන හෙළි වූ හැටි

කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටි පුද්ගලයෙකු සතු කෝටි ගණනක දේපළ රැසක් පිළිබද පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා. ඒ, ඔහු සිඟමන් යදිමින් සිටි ස්ථානයේ පළතුරු කරත්තයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවල දී ය.

එහිදී හෙළි වී ඇත්තේ සිඟමන් යැදුනු මෙම සැකකරුට අයත් දෙමහල් නිවසක් මහරගම, පමුණුව ප‍්‍රදේශයේ ඇති බවත් එහි උඩු මහල කුලී පදනම මත ලබාදී ඇති අතර ඉන් මසකට රුපියල් 30,000 ක් මුදලක් ලැබෙන බවත් ය.

මීට අමතරව, ඔහුට අයත් මෝටර් රථ දෙකක් පිළිබදව ද තොරතුරු හෙළි වී ඇති බව පොලිසීය සඳහන් කළා. කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටින සැකකරු දිනකට රුපියල් පන් දහසක මුදලක් උපයා ගන්නා බව පොලීසිය පැවසුවා.

Giraya News Alerts

දේවස්ථානය අසලදී සොරගත් පළතුරු කරත්තය නිවසට රැගෙන එන ලෙසට භාරදී ඇත්තේ වෙනත් පුද්ගලයෙකුට වන අතර ඒ සදහා අදාළ පුද්ගලයාට රුපියල් 5,000 ක මුදලක්ද ලබාදී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ CCTV කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් සිදුකළ පරීක්‍ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 64 ක් වන පුද්ගලයෙක්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top