ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් හට කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම, විදෙස් මාධ්‍යයන් වාර්තා කරන පරිදි පසුගිය සතියේ සිකුරාදා දින ඔහු සිය 34 වැනි උපන්දින සාදය පවත්වා ඇති අතර ඒ සඳහා ක්‍රිස් ගේල් ඇතුළු ක්‍රීඩා ලොව ප්‍රසිද්ධ තරු කිහිපදෙනෙකු ම සහභාගී වී ඇත. එම සාදයේ දි පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම හෝ මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය රීතීන් අනුගමනය නොකරමින් එළිමහනේ පවත්වා ඇති බව ද වාර්තා වේ.
සාදය පවත්වා දින කිහිපයකට පසුව උසේන් බෝල්ට් කොරෝනා පරීක්ෂණයට මුහුණ දී ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත. වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව ඔහුව නිරෝධායනයට යොමු කර ඇත.
උපන්දිනය සාදය පැවැත් වූ දින උසේන් බෝල්ට් තම සිඟිති දියණිය සමඟ සිටින ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමෙහි පළ කරමින් පවසා තිබුනේ එය තමන්ගේ හොඳම උපන්දිනය බවයි.
