Advertise with Giraya
NEWS

විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අනිද්දා කැබිනට් මණ්ඩලයට

ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දී තිබේ. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මේ අතර, ඉකුත් 17 වැනිදා රට පුරා විදුලිය විසන්ධි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුවේ වාර්තාව අනිද්දා (26) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට මෙම කමිටුව අමාත්‍යාංශයෙන් පත්කළ නමුත් එහි නව දෙනාගෙන් දෙදෙනෙකු හැර ඉතිරි හත් දෙනාම පිටස්තර අය බව ද ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය. එම වාර්තාව වෙනත් කමිටු වාර්තා මෙන් හමස් පෙට්ටියට නොයන වාර්තාවක් බව කී ඇමැති ඩලස් අලහප්පෙරුම එහි සඳහන් කිසිවක් ජනතාවට සඟවන්නේ නැති බවද සඳහන් කළේය.

මේ අතර විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයෙන් පත්කළ කමිටු වාර්තාවද හෙට (25) දිනයේ ලැබෙනු ඇතැයි ඔහු කීවේය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top