ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (24) දින පෙරවරු 10.00 වන විට 2953ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ගත වූ පැය 24 තුළ දී තවත් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් කෙන්යාවේ සිට ද, දෙදෙනෙකු මැලේසියාවේ සිට ද, එක් අයේ ඩුබායි සිට ද (මුහුදු ආරක්ෂකයෙක්), දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් පුද්ගලයින් වේ.
ඒ අනුව, අද (24) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 2953 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 36
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1024
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 630
- වෙනත් – 313
එමෙන්ම, අද (24) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 06 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2811 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 130ක් වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2947ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 95.1%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (24) දිනයේ දී එය 4.4%ක් දක්වා අඩු වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.41%ක් දක්වා වැඩි වී ඇත.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 208,397ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (23) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2690ක් වේ.
මේ මාසයේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන සහ සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (24) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 130 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 11ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 71ක් ද,
- ඉරණවිල රෝහලේ 34ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 13ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් එක් රෝගියෙකු රෝහල වෙත යොමු කරමින් පවතියි.
එමෙන්ම, පුද්ගලයින් 55 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 12කි. අවසාන වරට කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වූයේ දින 83කට පසුව ඊයේ (23) දිනයේ දී ය.
