Advertise with Giraya
POLITICS

උප අගමැති ධූරයක් පිළිබඳ සාකච්ඡා සිදු කර නැහැ – ඇමති ජී.එල්. පීරිස්

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් ඇති කිරීම සම්බන්ධයෙන් මේ දක්වා නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව පැවසුවා. කෙසේ වෙතත්, අවශ්‍ය නම් එවැනි වරප්‍රසාද පවතින බවද මහාචාර්ය ජී.එල්.පීරිස් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

9 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවූ ස්වාධීන කොමිෂන් සභා තරම් දේශපාලනීකරණය වූ ආයතන තවත් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

Giraya News Alerts

මේ අතර, 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නව මැතිවරණ ක‍්‍රමයක් ගෙන ඒමට ද කටයුතු කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. නව ව්‍යවස්ථාව සැකසීමේ දී දැනට පවතින ව්‍යවස්ථා සංශෝධනය ද අධ්‍යයනය කරන බව අමාත්‍යවරයා සඳහන් කළා..

කෙසේවෙතත්, රට ගොඩනැඟීමට ඇති බාධකය වන්නේ ව්‍යවස්ථා සංශෝධනය නොව දුෂිත දේශපාලනඥයින් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. පවතින නීතිමය කරුණු සදහා ඇති බාධාවන් සංශෝධනය කිරීමට පමණක් සහය ලබාදෙන බව ඔහු පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top