ලියුකේමියා රෝගයෙන් පෙළෙන බැඩ්මින්ටන් සාර්ග් රිදී පදක්කම් ලාභී ඕෂදී පූර්ණිමා කුරූප්පු ගේ සුවදුක් විමසීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (24) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ 23 වන වාට්ටුව වෙත ගොස් තිබෙනවා.
කොළඹ විශාකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයාවක් හා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඕෂදී මේ වන විට ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර ඇගේ ජිවිතය බේරාගැනීම සදහා වන ශල්‍යකර්මයකට දළ වශයෙන් රුපියල් මිලියන 10 ක මුදලක් අවශ්‍ය වී ඇති බව වෛද්‍යවරුන් දැනුම් දී තිබෙනවා.
ඕෂදීගේ ශල්‍යකර්මය සදහා මුදල් ඒකරාශී කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම පුද්ගලික හැදුනුම්කම් මත මේ වන විට සිදුවන අතර ඇගේ සුවදුක් විමසීමට ගිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඕෂධිගේ මව්පියන්ට ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය ඉතිරි මුදල් පුද්ගලික අංශයේ ආයතන කිහිපයක් සම්බන්ධ කර ලබාදීමට කටයුතු කරන බවයි.
2005 වසරේ සිට බැඩ්මින්ටන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ඕෂධී පුර්ණීමා කුරූප්පු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තරග රැසක් ජයග්‍රහණය කළ ක්‍රීඩිකාවක්.


