අලුතින් ගෙන ඒමට යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී මේ වනවිට කි‍්‍රයාත්මක ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු ප‍්‍රකාශ කළේ, ස්වාධීන බව ප‍්‍රකාශ කෙරුණු කොමිෂන් සභාවල කිසිදු ස්වාධීනත්වයක් නොමැති බවයි.
මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
එහිදී, අදහස් දක්වමින් අමාත්‍යවරයා, ‘කොමිෂන් සභා කවදාවත් ස්වාධීන වුනේ නැහැ කරුණු කීපයක් උඩ. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ඉන්න දහ දෙනාගෙන් හත් දෙනෙකුම 62 ලක්ෂයේ හත් දෙනෙක්. මොකද, ජනාධිපතිතුමාගේ නියෝජිතයා, අගමැතිගේ නියෝජිතයා, කථානායකතුමාගේ, විපක්ෂයේ නියෝජිතයෝ, ඒ නියෝජිතයෝ හැමෝම අර 62 ලක්ෂයේ හිටපු නියෝජිතයෝ. මේ නියෝජිතයින්ගෙන් පත් කර ගත්තු 7 දෙනෙක් ඉන්නවා. සමාජය තුළින් තෝරා ගත්ත තුන්දෙනා සම්බන්ධවත් අපිට ප්‍රශ්න තියෙනවා.
ඒ වගේම තමයි, ස්වාධීන කොමිෂන් සභාවලින්, පොලිස් කොමිසමෙන් පත් කරපු පොලිස්පතිතුමා එළියට ආපු ගමන් කිව්වා ‘නීතිය නමන හැටි මං දන්නවා’ කියලා. එතකොට එතන ස්වාධීනත්වයක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක්.
මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ, ලෝකයේ පළවෙනි මැතිවරණ කොමසාරිස් කාර්යාලය, කොමසාරිස්වරු තුන්දෙනයි. ගණ පූරණය තුනක් කරලා තියෙනවා. මූලිකම සිද්ධාන්ත නිවැරදි කළ යුතුයි’ පැවසුවා.
එමෙන්ම, ඔහු එහිදී අවධාරණය කළේ, ස්වාධීන කොමිෂන් සභාවල පවතින එම ගැටලු නිශ්චිත වශයෙන්ම වෙනස් කිරිමට කටයුතු කරන බවයි. රටේ ස්වාධීනත්වය රැක ගැනෙන පරිදි එම වෙනස්කම් සිදු කරන බව ද ඔහු පැවසුවා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා, සටහන් ආදිය පරික්ෂා කිරිම සහ නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරිමට කැබිනට් මණ්ඩලය ඉකුත්දා අනුමැතිය ලබාදුන්නා. එහි සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ නව සංශෝධනයේදී තොරතුරු දැන ගැනීමේ පනත, ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරීම වැනි 19 වන සංශෝධනයේ කරුණු වෙනස් නොකරන බවයි.
