Advertise with Giraya
POLITICS

එක රටක් – එක නීතියක් යටතේ ආණ්ඩුව වෙනත් න්‍යාය පත්‍රයන් ඉටු කිරීමට සූදානම් වෙනවා – එස්.එම්. මරික්කාර්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ඒකාධිපති ගමනක් සඳහා අහෝසි කරන්නේ නම් එයට එරෙහිව සියලු ප්‍රජාතාන්ත්‍රික බලවේග සමඟ අත්වැල් බැදගනිමින් ක්‍රියාකරන බව සමගි ජන බලවේගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ රටේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මාරාන්තික ප්‍රහාරය පිළිබඳ සියලුම පුරවැසියන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ලැබු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ අතිමහත් බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කරනු ලබන යෝජනාව පසුපස ඇත්තේ අසීමිත බලතණ්හාව බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Giraya News Alerts

19 වන සංශෝධනය ඉවත් කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හැරවීමක් වන අතර පුරවැසියන්ගේ අයිතීන් ශක්තිමත් කිරීමක් නොව යටත් වැසියන් පිරිසක් නිර්මාණය කිරීමක් බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර, සමගි ජන බලවේගය අද (23) දින පැවැත්වූ මාධ්‍ය හමුවක දී එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් පැවසුවේ ‘එක රටක් – එක නීතියක්’ යටතේ ආණ්ඩුව වෙනත් න්‍යාය පත‍්‍රයන් ඉටු කිරීමට සූදානම් වන බවයි.

එමෙන්ම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හරහා ජනතා අභිලාෂයන් දුර්වල කිරීමට ආණ්ඩුවට ඉඩ නොතබන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මාධ්‍ය වෙත කියා සිටියා.

එක රටක් – එක නීතියක් යටතේ රජය ගෙන යන වැඩපිළිවෙල අකර්මන්‍ය කිරීමට විපක්‍ෂය විවිධ චෝදනා නගමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී විපක්‍ෂයේ මතය විමසීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පැවසුවා. යෝජිත නව ව්‍යවස්ථාව ගෙන ඒමේදී දේශපාලන පක්‍ෂවල බලපෑම්වලට නතු නොවන බව රාජ්‍ය ෂෙහාන් සේමසිංහ ද මාධ්‍ය හමුවේ කියාසිටියා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ඉකුත්දා පැවති ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමේදීම අනුමැතිය හිමි විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top