පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් හා සහකාර සංවිධායකවරු දෙදෙනෙක් පත්කරනු ලැබ සිටින සිටිති.
මෙම සංවිධායකවරුන් සිව්දෙනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් 21 වැනිදා සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ. මෙම තනතුරු සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වී ඇත.
ඒ අනුව, ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ ජයන්ත කැටගොඩ යන දෙදෙනා ද සහකාර සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර සහ මොහොමඞ් මුසම්මිල් අය ද පත්කර ඇත.
