Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පුරන් වූ කුඹුරු වගා කිරීමට ත්‍රිවිධ හමුදාව යටතට

පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා. පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම්, ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බව ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සඳහන් කරයි.

මේ අතර, මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමට නියමිතව ඇති අතර පළමු අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක් මිලදී ගැනීමට නියමිතයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top