Advertise with Giraya
NEWS

තවත් 7කට සුවයි, සුවය ලැබූ ගණන 2800 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (23) දින පෙරවරු 10.00 වන විට 2947ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

එමෙන්ම, ජුනි මාසයේ 01 වැනි දින වාර්තා වූ පසුව අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණයක් වාර්තා විය. එලෙස මිය ගොස් ඇත්තේ මාවතගම පදිංචි 47 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ඉන්දියාවේ සිටපසුගිය 20 වැනි දින මෙරටට පැමිණ ඇත. ඇය පිළිකාවක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිට ඇති හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 12ක් ලෙස මේ වන විට සටහන් වේ.

ගත වූ පැය 24 තුළ දී තවත් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, එක් අයෙකු ඇමරිකාවේ සිට ද, දෙදෙනෙකු චෙන්නායි සිට ද, අනෙක් දෙදෙනා කුවේට් සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

Giraya News Alerts

ඒ අනුව, අද (23) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 2947 දෙනා අතරින්,

  • වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 36
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1018
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 630
  • වෙනත් – 313

එමෙන්ම, අද (23) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 07 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2805 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 130ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2947ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 95.1%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (23) දිනයේ දී එය 4.4%ක් දක්වා අඩු වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.41%ක් දක්වා වැඩි වී ඇත.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 205,707ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (22) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2800ක් වේ.

මේ මාසයේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන සහ සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (23) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 130 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 7ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 73ක් ද,
  • ඉරණවිල රෝහලේ 33ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 16ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
  • එක් රෝගීයෙකු රෝහල වෙත යොමු කරමින් පවතියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 55 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top