ක්රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ, ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවල පවතින අඩුපාඩු සහ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ (22) දිනයේ දී පූර්ව දැනුම් දීමකින් තොරව පැමිණ තිබුණා.
එහි පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලූ ක‍්‍රීඩා අමාත්‍යවරයා නේවාසිකාරයේ සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණුවීම් කර, දැඩි වෙහෙසට පත් වී වී පැමිණ නිදා ගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වයක පවතිනවා. සෙසු පහසුකම්වල තත්වයද යහපත් මට්ටමක නොතිබූ අතර මෙම අඩුපාඩු සකස්කර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ මානසිකත්වය ඉහළට ගෙන ඒමට කටයුතු කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා ක‍්‍රීඩා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
රට වෙනුවෙන් ක‍්‍රීඩා කරන මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තමන්ගේ අනාගතයම කැපකරන බවත් ඔවුන්ව රැක බලාගැනීම ජාතියක් ලෙස අපගේ වගකීමක් බවයි නව ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙහිදී සදහන් කර තිබෙනවා.


