පසුගිය සඳුඳා (17) වන දින දිවයින පුරා පැය 08ක කාලයක් විදුලිය බිඳ වැටීමක් සිදු වූ අතර එය සිදු වූයේ විදුලිබල අමාත්‍යාංශයේ වරදකින් නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා, ”විදුලිබල අමාත්‍යාංශයේ මම තාම ඉගෙන ගන්නවා..ඉගෙනගන්නකොටම ලයිට් ගියා..එදා දවල්ම මම කිවුවා කමිටුවක් පත් කරන්න කියලා..සඳුදා වෙනකොට මම හිතනවා එහි වාර්තාව ලැබෙයි කියලා..”
“ඒ වාර්තාවේ කියනවා නම් විදුලිබල අමාත්‍යාංශයේ තමයි වැරැද්ද කියලා අඟහරුවාදා ඉදන් ඩලස් අලහප්පෙරුම නෙවෙයි විදුලිබල ඇමති..” යැයි පැවසුවේ ය.
එමෙන්ම, තමන් විදුලිබල අමාත්‍යවරයා ලෙස වැඩ භාරගෙන පැය 96ක් ඇතුළත සමස්ත දිවයිනේම විදුලිය බිඳවැටීම පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පසුගිය සිකුරාදා (21) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
විදුලිය බිඳ වැටීමට හේතු සොයා බැලීම සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් පසුගිය 17 වන දින සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ අතර එම කමිටු වාර්තාව හෙට (24) දිනයේ දී ලැබීමට නියමිතයි.
සම්බන්ධිත පුවත්
