කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී සිදු වූ 12 වන මරණය වාර්තා වෙනවා.
නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබූ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාවතගම, වෑ උඩ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පිළිකා රෝගයෙන් පෙළෙමින් සිට ඇති බවත් පසුගිය 20 වැනි දින ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගනිමින් සිට ඇත.
ඇය මිය යාමට හේතුව හෘදයාබාධයක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනය පහතින් දැක්වේ.

