ලබන මස අවසානයේදී ගුවන් තොටුපොළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි පමණක් එම පියවර ගන්නා බවයි.
මෙරට ජනතාවගේ සුරක්ෂිතතාව පිළිබඳව සැළකිලිමත් වෙමින් සංචාරකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු රජය මඟින් සිදු කරන අතර අද (22) දිනයේ ද මැලේසියාවේ ක්වාලාලම්පූර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු මෙරටට පැමිණියා. පැමිණි සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
