ලොව පුරා මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 23 ඉක්මවා ගොස් තිබෙන බව නවතම වාර්තාවන් පෙන්වා දෙයි. ඒ අනුව, දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,141,122 ක් වන බව worldometer.com වෙබ් අඩිවයි පෙන්වා දෙයි.
එමෙන්ම, අද (22) දිනය වන විට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 08 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට, ලොව පුරා වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එරට පුද්ගලයින් 179,200ක් කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් වී තිබෙනවා.
ඇමරිකාවට පසුව මේ වන විට වෛරසයේ බලපෑම දරුණු ලෙසට එල්ල වී තිබෙන්නේ බ්‍රසීලයටයි. බ්‍රසීලයෙන් දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 35ත් ඉක්මවා ගොස් තිබෙන අතර ඉන් ලක්ෂ 26කට ඉක්මවා ගිය පිරිසක් සුවය ලබා ඇත. එරට පුද්ගලයින් 113,454 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බ්‍රසීලයට පසුව මේ වන විට වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ මෙක්සිකෝවෙන් ය. දැනට මෙක්සිකෝවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 59,610 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසෛ් වෙතත්, වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇති අනෙක් රටවල්වලට සාපේක්ෂව එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අඩු ය. මෙක්සිකෝවෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 549,734 දෙනෙකි.
මෙක්සිකෝවට පසුව වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර වෛරසය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 55,950 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම, වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් අතරින් ලොව තෙවැනි තැනට ඉන්දියාව පත්ව තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය ආසාදිතවූවන් ලක්ෂ 30කට ආසන්න වූ ප්‍රමාණයක් වාර්තා වීමෙන්ය. එසේම, මෙතෙක් එක් දිනයකදී ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (21) දිනයේ දී වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍යයන් වාර්තා කරනවා. ඒ, ඊයේ (21) දිනය තුළ පමණක් ආසාදිතයින් 69,878ක් වූ ප්‍රමාණයක් වාර්තා වීමෙන් ය.
මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය අවසන් වීමට තවත් වසර දෙකක් පමණ ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩනෝම් පැවසුවේ, ලොව තාක්ෂණික අතින් ඉතා ඉහළ දියුණුවක් ලබා ඇතත් කෙටි කාලයකින් මෙම වසංගතය පාලනයට අපොහොසත් වී ඇති බවයි.
“වසංගත ව්‍යාප්තිය පාලනය කිරිමේ තාක්ෂණික හැකියාව සහ දැනුම අප සතුවන්න පුළුවන්. නමුත් ඊට වඩා ජාතික සමගිය හා ගෝලීය සහයෝගිතාවය ද ඉතා වැදගත්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියා. මිලියන 50 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක ගේ ජිවිහ බිලිගනිමින් වර්ෂ 1918 දී ලොවපුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ නම් වෛරසයේ ව්‍යාප්තිය අවසන් වීමට වසර දෙකක කාලයක් ගතවූ බවයි මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කළා.
